පරිගණකයේ දියුණුවත් සමගම ක්‍රමක්‍රමයෙන් අති විශාල දියුනුවට පත් මෙම වෛරස් වලද අපට නොපෙනුනාට අති විශාල තාක්ෂණයක් තිබෙන බව පැවසුවද එහි වරදක් නැත. වෛරසයක් යනු
"තනිවම පිටපත් විය හැකි කුඩා ප්‍රමාණයකින් යුතු පරිගණක වැඩසටහනකි" මේවා අනිෂ්ට මෘදුකාංග (Malware or Malicious Software) යන නමින්ද හඳුන්වයි. බහුල වශයෙන් මේවා
(CD/DVD/USB) ආදියෙන් පරිගණක අතර පැතිරේ.ඉතා කරදරකාරී දෙයක් වන මෙම වෛරස් වර්ග බොහෝමයක් ඇත. මේ ඉන් ප්‍රධාන කිහිපයකි.
ට්‍රෝජන් (Trojan)
ස්පයි වෙයා (Spyware)
වර්ම්ස් (Worms)
ඩයලර් (Dialer)
ස්පෑම් (Spam)
ඇඩ්වෙයා (Adware)
හයිජැකර් (Hijacker)
Trojan :-
ග්‍රීක සාහිත්‍යයේ ට්‍රෝජන් අශ්වයාගේ චරිතය උපයෝගී කර ගනිමින් මෙය නිර්මානය කර ඇත. ට්‍රෝජන්, Trojan Horse ලෙස හඳුන්වන මෙය ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනුනද ඉතා විනාශකාරී වැඩසටහනකි.
Spyware :-
මෙය ප්‍රදාන වශයෙන් ඔත්තු බැලීමේ වැඩසටහනක් ලෙස ක්‍රියා කරයි. අන්තර්ජාල භාවිතයේදී පරිගණකය පාවිච්චි කරන්නාගේ පෞද්ගලික තොරතුරු,ඊ-මේල් ලිපින,මුරපද,(social networking sites/E-bank account) ආදියෙහි ඇතුලු වීමේ කේත ආදිය වෛරසය මෙහෙයවන පරිගණක වලට ලබාදීම ආදිය සිදු කරයි.
Worms :-
කිසිඳු මැදිහත් වීමකින් තොරව ස්වයන්ව පිටපත් වීමේ හැකියාවෙන් යුත් වැඩසටහන් WORMS නමින් හැඳින්වේ. කිසිඳු මැදිහත් වීමකින් තොරව ස්වයන්ව පිටපත් වීමේ හැකියාවෙන් යුත් වැඩසටහන් නමින් හැඳින්වේ. එකක් ලෙස පවතින මෙයට වෛරසයක පැවැත්ම සඳහා ආධාරක වැඩසටහනක් (Host Programme) අවශ්‍ය නොවේ. මෙම වෛරස ඉතා ඉක්මනින් පැතිර යන අතර එයින් සිදු වන හානිය ඉතා බරපතල විය හැක.
Dialer :-
යම් පරිගණකයක් මගින් යම් විශේෂිත දුරකතන අංකයක් කැරකවීමට යොමු කිරීම සිදු වේ. මේ නිසා අදාල පරිගණකයේ අයිතිකරුට අනවශ්‍ය ආකාරයේ දුරකතන බිලක් ගෙවීමට සිදු වේ.තවද අදාල දුරකතන මාර්ග සාමාන්‍ය ආකාරයට පත් කර ගැනීමට නොහැකි වීමත් මෙහිදී සිදු වන අනර්ථකාරී දේය. මෙසේ අංක කරැකැවීම මොඩම භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන පරිගණක වලදී පමනක් සිදු කල හැකි කාර්යයකි.
Spam :-
ආයාචිත තැපෑල, අන්වශ්ය ලිපි නොකඩවා තම E-mail ලිපිනයට ලැබීම මෙහිදී සිදුවේ. එම නිසා වැදගත් ලිපි මගහැරී යාමත්,අනවශ්‍ය ලිපි තෝරා ඉවත් කිරීමට යම්කිසි කාලයක් වැය කිරීමට සිදු
වීමත්,අනවශ්‍ය දේ වලින් පිරී යාම නිසා E-mail ගිනුම හැසිරවීමට අපහසු වීමද ආයාචිත තැපෑල නිසා සිදුවන ගැටලුවකි.
Adware :-
මෙහිදී සිදු වන්නේ අන්ත්ර්ජාලය තුල සැරිසරන අවස්ථාවේදී තිරය මත නොකඩවා අනවශ්‍ය දැන්වීම් දර්ශණය වීමයි. මෙයින් විශේෂ හානියක් නොවුනද මානසික වශයෙන් ඇති වන විඩාව හානිකරය.මෙම දැන්වීම් මගින් තමන් බලපොරොත්තු නොවන් නිශ්පාදන වෙත සිත යොමු වීම මගින් අනවශ්‍ය දැන්වීම් වල විස්තර සෙවීමට යොමුවීම මගින් කාලය නාස්ති වීම මෙහි අන්ර්තකාරී දේ සඳහා පෙන්වා දිය හැක.
Hijacker :-
ප්‍රධාන වශයෙන් පරිගණකයෙ ඇති දත්ත හා තොරතුරු කිසිඳු අනු දැනුමකින් තොරව හොරාගෙන වෙනත් පුද්ගලයෙකු හට ලබා දීම මෙහිදී සිදුවේ.මෙවන් ආකාර වෛරස වලට ප්‍රතිකර්ම ලෙස එම වෛරස වලට අදාල ප්‍රති වෛරස මෘදුකාංග භාවිතා කිරීම මගින් වෛරස මගින් සිදු වන හානිය මග හැර ගැනීමට හැක.
- BitDefender
- Norton
- McAfee
- Sophos
- Kaspersky
- Avast
- Avira
- Trend
0 comments:
Post a Comment