වර්ෂ1937 හා 1942 අතර කාලය තුලදී බල්ගේරියානු ජාතික මහාචාර්ය ජෝන් වින්සන්ට් විසින් ක්ලිෆර්ඩ්ගේද සහය අැතුව "ABC" (Atanasoff Berry Computer) නම් පරිඝණකයක්නිර්මාණය කෙරිනි. එනමුත් ඔහුට හැකි වූයේ ඉන් අඩක් නිර්මාණය කිරීමට පමණි.
|
ABC
|
පසුව 1946 දී පමණ පෙනිස්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරැ අංශය වූ මූර් පාසලේදී "ENIAC" (Electronic Numerical Integator And Computer) නමින් ලොව ප්‍රථම විද්‍යුත් සංක්‍යාංක පරිඝණකය නිර්මාණය කිරීමට හැකි විය. මෙය නිර්මාණය සඳහා රික්තක නළ "Vacuum Tube" යොදා ගත්හ. එය සඳහා රික්තක නළ 18,000 පමණ යොදා ගැනිනි. ENIAC පරිඝණකයට තත්පරයක් තුල ගණිත කර්ම 5000ක් පමණ ඉටු කිරීමේ හැකියාව තිබිනි.
|
ENIAC
|
- අධික තාපය නිසා රික්තක නල දැවී යාම
- අධික ලෙස විදුලි බලය වැය වීමමෙහි තිබූ ප්‍රධාන දුර්වලතා ලෙස සැලකිය හැක.
ඉන්පසු 1950 දී රෙමිංග්ටන් රැන්ඩ් අායතනය විසින් "UNIVAC-1" (Univarsal Automatic Calculator-1) පරිඝණකයක් නිපදවිනි.මෙයට තත්පරයක් තුල ගණනය කිරීම් 10,000ක් පමණ කිරීමට හැකි විය.
|
UNIVAC 1
|
මීලඟට දෙවන පරම්පරාව අාරම්භ වන්නේ ට්‍රාන්සිස්ටර් සමගයි. විලියම් ෂොක්ලේ,ඡෝන් බාඩීන් හා වෝල්ටර් බ්රාටේන් හට ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමේ ගෞරවය හිමි වේ. මෙය ප්‍රමාණයෙන් කුඩා බවත් අඩු විදුලියක් වැය වීමත් මෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි. තත්පරයකදී ගණිත කර්ම 200,000-250,000 ත් අතර ප්‍රමාණයක් ඉටු කිරීමට හැකි විය.
|
Transistors
|
සමෝධානිත අනුකලිත පරිපථ( IC) භාවිතයෙන් පරිඝණකය ප්‍රමාණයෙන් කුඩා බවත් කාර්යක්ෂමතාවත් අත් කර ගැනීමට සමත් විය. IC වල උපතත් සමග තෙවන පරම්පරාව ආරම්භ විය. මෙම සමෝධානිත අනුකලිත පරිපථද ක්‍රමක්‍රමයෙන් දියුනුවට පත්වීමත් සමග අවසානයේදීඑක් IC එකක් අැතුලත ට්‍රාන්සිස්ටර් වැඩි ප්‍රමාණයක් අැතුලත් කිරීමට සමත් විය. ඒවා පිලිවෙලින්,
|
IC
|
- Small Scale Integration (SSI)
- Mediam Scale Integration (MSI)
- Large Scale Integration (LSI)
- Ultra Large Scale Integration (ULSI) ලෙස හැඳින්විය හැක.
හතරවන පරර්ම්පරාවට අයත් වන්නේ ක්ෂුද්‍ර පරිපත (Microchips/Microprocessor) වේ.. මේවා සිලිකන් වලින් සාදා ඇත. මෙමගින් පරිඝණකයෙ වේග්ය තව දුරටත් නංවාලීමට හා පරිඝණකයේ ප්‍රමානයද බොහෝ ලෙස අඩු කර ගැනීමට හැකි විය.
|
Microprocessor
|
මීලඟ පරම්පරාව වන පස්වන පරම්පරාවට අයත් වන්නේ කෘතිම බුද්ධියයි. (Artifition interligion/A.I.) මීලඟ පරම්පරාව වන පස්වන පරම්පරාවට අයත් වන්නේ කෘතිම බුද්ධියයි. ලෙස හඳුන්වයි මෙය තාමත් පර්යේෂන මට්ටමේ ඇත. මෙයට තරමක් දුරට සිතිය හැකි අතර දැනට කෘතිම බුද්ධිය යම්තාක් දුරට අඩංගු කර ඇති පරිඝණක ක්‍රීඩා එලි දක්වා ඇත. තවද ජංගම දුරකතන වලද ඇතැම් දුරට කෘතිම බුද්ධිය ලෙස එලි දක්වා ඇති Programes ද ඇත.
0 comments:
Post a Comment