Pages

පරිඝණකයේ පරිණාමය ෴ (Part 1)

පරිඝණකය යනු මිනිසාට වැඩ පහසු කර දෙන බහුකාර්ය උපකරණයකි.මෙය විවිධ කාල පරාසයන් කිහිපයක් තුල විශාල වශයෙන් දියුනු වූවකි.වර්තමානය වන විටපරිඝණක පරම්පරා 5කි. 

මුල් කාලීනව ගණනයන් සදහා (ක්රිස්තු පූර්ව 300) පමණ කාල වකවානු තුල චීනයේ වෙලෙන්දන් විසින් "Abacus" නැතිනම් ඝණක රාමු යොදා ගැනිනි.

Abucus

1617දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් විසින් ලඝුගණක භාවිත කරමින් "Napier Bones" නම් ලඝුගණක අගයන් සටහන් කරන ලද ඇත්දල තීරු විශේෂයක් නිර්මාණය කරන ලදී.

Napier Bobes

ඉන්පසු 1632දී නේපියර්ගේ ලඝුගණක සංකල්ප භාවිත කරමින් සර්පණ රූල "slide ruler" එංගලන්තයේදී නිර්මාණය විය.

Slide Ruler

වර්ෂ 1642 බ්ලේස් පැස්කල් විසින් ගණිත කටයුතු පහසු කර ගැනීම සඳහා ආකලණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී.මෙමගින් එකතු කිරීම හා අඩු කිරීම පහසු ලෙස සිදු කර ගැනීමට හැකි විය. මෙය "pascaline" ලෙසද හඳුන්වනු ලබයි.

Pascaline

වර්ෂ 1822දී චාල්ස් බැබේඡ් විසින් ලොව පළමුවෙන් පරිඝණකයක් සදහා අාකෘතියක් නිර්මාණය කල අතර එය "Difference Engine" නමින් නම් කරන ලදී.

Difference Engine

වර්ෂ "1833"දී චාල්ස් බැබේඡ් විසින් "analytical engine" ඇනලිටිකල් යන්ත්‍රය නිර්මාණය කිරීමට උත්සහ කලේය.මෙය නිර්මාණය සදහා  ජෝසප් ජැකුවාඩ්  (Joseoh Jacquard) විසින් නිර්මාණය වූ රෙදි වියන යන්ත්‍රය "Mechanical Looms" හි සංකල්පය යොදා ගැනිනි.මෙම  "analytical engine" හි අැති විශේෂත්වයක් වන්නේ දත්ත input,storing,processing හා output යන කාර්‍යන් සඳහා අවශ්‍ය උපාංග එය තුලම අඩංගුවී තිබීමයි... මෙයින් පසුව චාල්ස් බැබේඡ් පරිඝණකයේ පියා ලෙස සැලකේ. නමුත් බැබේඡ්ට මෙම නිර්මාණය ඔහු සිතූ ආකාරයට නිර්මාණය කිරීමට නොහැකි විය.

Analytical Engine

වර්ෂ1937දී හෝවර්ඩ් එයිකන් විසින් චාල්ස් බැබේඡ්ගේ  සංකල්ප වැඩි දියුණු කිරීමට උත්සාහ දැරුවේය.එහි අතුරුඵලයක් ලෙස 1944දී හෝවර්ඩ්ට හා IBM හි සේවය කල ඔහුගේ සඟයන්ට "Automatic Sequence Controlled Calculator" නැමති යන්ත්‍රය නිර්මාණය කිරීමට හැකි විය. පසුව මෙය "Mark 1" නමින් නම් කරන ලදී. මෙහි දත්ත ඇතුලත් කිරීම සඳහා යතුරුලියනයක්ද,අාදානය සඳහා සිදුරු පත්ද භාවිතා කල අතර මෙයද එකතු කිරීම,අඩු කිරීම,බෙදීම හා ගුණ කිරීමට සමත්කම් දැක්විනි. මෙම "Mark 1" යන්ත්‍රය අවුරුදු 15කට වඩා වැඩි කලක් භාවිතා විණි.

Mark 1

0 comments:

Post a Comment