Pages

පරිගණක වර්ගීකරණය෴

පරිගණක වර්ගීකරනය අනුව කොටස් කිහිපයකට බෙදිය හැක. එනම් පරම්පරා අනුව,ප්‍රමාණය අනුව,කාර්යය අනුව හා නිර්මාණ තාක්ෂණය අනුවයයි...


පරම්පරව අනුව :-

  • First Genaration = රික්තක නළ භාවිතා කරන ලදී.
  • Second Genaration = ට්‍රාන්සිස්ටර් භාවිතා කරන ලදී.
  • Third Genaration = භාවිත කර ඇත්තේ සමෝධානිත/අනුකලිත පරිපථය (Integerated Circuits/IC)
  • Fourth Geanaration = භාවිතා කරන ලද්දේ ක්ෂුද්‍ර පරිපථ නොහොත් Microprocessors ය
  • Fifth Geanaration = තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙහි අන්තර්ගතව ඇත්තේ කෘතිම බුද්ධියයි.

ප්‍රමාණය අනුව :-

  • සුපිරි පරිඝණක (Super Computer) = ප්‍රබල කාර්යක්ෂමතවයකින් හා හැකියාවන්ගෙන් පිරිපුන් මෙම පරිඝණක යොදා ගැනෙන්නේ ව්ශේෂිත  කාර්‍යන් සඳහාය.
  • මහා පරිඝණක (Mainframe Computers) = ප්‍රමාණය අතින් ඉතා විශාල පරිගණක වේ.
  • මධ්‍ය පරිගණක (Mini Computers) = මධ්‍යම තත්වයේ මෙනමින් හැඳින්වේ
  • ක්ෂුද්‍ර පරිගණක (Micro Computers) =  ප්‍රමාණයෙන් ඉතා කුඩා පරිගණක මෙනමින් හැඳින්වේ.

මෙහිදී ක්ෂුද්‍ර පරිගණක නැවතත්  කොටස් කිහිපයකට බෙදේ...

  • පුද්ගල පරිගණක (Personal Computers/PC) = තනි පුද්ගලයින්ට භාවිතා කල හැකි මෙම පරිගණක ඉතාමත් දියුනු තත්වයේ පවතී. Desktop පරිගණක ලෙසද මේවා හඳුන්වනු ලැබේ.
  • උකුළු පරිගණක (Laptop Computers) = මේවා එහා මෙහා ගෙන යා හැකි ලෙස සැකසූ පරිගණක මෙනමින් හැඳින්වේ. මේවා විවිධ නම් වලින් හඳුන්වයි. (Mini computers,portable computers)
  • අත්ල පරිගණක (Plamtop Computers) = අත්ලේ තබාගෙන වැඩ කල හැකි පරිගණක මෙනෙමින් හඳුන්වයි.මේවායේ පුද්ගල සහයක පරිගණක ලෙස හඳුන්වයි.
  • වැඩ නිකේතන පරිගණක (Workstation Computers) = වඩා වැඩි හැකියාවන්ගෙන් යුක්තවනිර්මානය කරන ලද "Desktop PC" හැඳින්වීම සඳහා "Workstation" යන නම භාවිතා කරයි. මෙම පරිගණක වඩාත් සංකීර්න වූ ත්‍රිමාන චිත්‍ර නිර්මාණය (3D Graphic Designing) සඳහා බහුලව භාවිතා කරයි.


කාර්යය අනුව :-

  • සාමාන්‍ය කටයුතු සඳහා  භාවිත කරනු ලබන පරිගණක (General Purpose Computers) = එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරනු ලබන පරිගණක මෙයට අයත් වේ.
  • විශේෂ කටයුතු සඳහා භාවිත කරනු ලබන පරිගණක (Special Purpose Computers) =  විශේෂිත වූ විද්‍යාත්මක පරීක්ෂණ,යුධ මෙහෙයුම්,තෙල් නිධි ගගවේෂණ වැනි  කටයුතු සඳහා භාවිත කරන ලද පරිගණක මෙම ඝණයට අයත් වේ.

නිර්මාණ තාක්ෂණය අනුව :-

  • අංකිත පරිගණක (Digital Computers) = ද්වීමය සංඛ්‍යා සංකල්පය භාවිතා කරනු ලබන පරිගණක මෙම ගණයට වැටේ.
  • ප්‍රතිසම පරිගණක (Analog Computers) = මෙම පරිගණක ක්‍රියාත්මක වීම සඳහා උෂ්ණත්වය,තෙරපුම,පීඩණය වැනි භෞතික දත්ත උපයෝගී කර ගැනේ.
  • මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක (Hybrid Computers) = ඉහත දක්වන ලද පරිගණක වර්ග දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙසින් මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක හඳුන්වා දිය හැක.

නිර්මාණය- ඉඳුනිල් හඳගම

0 comments:

Post a Comment