Pages

වෛරස් ෴

පරිගණකයේ දියුණුවත් සමගම ක්‍රමක්‍රමයෙන් අති විශාල දියුනුවට පත්  මෙම වෛරස් වලද අපට නොපෙනුනාට අති විශාල තාක්ෂණයක් තිබෙන බව පැවසුවද එහි වරදක් නැත. වෛරසයක් යනු
"තනිවම පිටපත්  විය හැකි කුඩා ප්‍රමාණයකින් යුතු පරිගණක වැඩසටහනකි" මේවා අනිෂ්ට මෘදුකාංග (Malware or Malicious Software) යන නමින්ද හඳුන්වයි. බහුල වශයෙන් මේවා
(CD/DVD/USB) ආදියෙන් පරිගණක අතර පැතිරේ.ඉතා කරදරකාරී දෙයක් වන මෙම වෛරස් වර්ග බොහෝමයක් ඇත. මේ ඉන් ප්‍රධාන කිහිපයකි.


  •     ට්‍රෝජන් (Trojan)

  •     ස්පයි වෙයා (Spyware)

  •     වර්ම්ස් (Worms)

  •     ඩයලර් (Dialer)

  •     ස්පෑම් (Spam)

  •     ඇඩ්වෙයා (Adware)

  •     හයිජැකර් (Hijacker)

 

Trojan :- 

ග්‍රීක සාහිත්‍යයේ ට්‍රෝජන් අශ්වයාගේ චරිතය උපයෝගී කර ගනිමින් මෙය නිර්මානය කර ඇත. ට්‍රෝජන්, Trojan Horse ලෙස හඳුන්වන මෙය ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනුනද ඉතා විනාශකාරී වැඩසටහනකි.

Spyware :- 

මෙය ප්‍රදාන වශයෙන් ඔත්තු බැලීමේ වැඩසටහනක් ලෙස ක්‍රියා කරයි. අන්තර්ජාල භාවිතයේදී පරිගණකය පාවිච්චි කරන්නාගේ පෞද්ගලික තොරතුරු,ඊ-මේල් ලිපින,මුරපද,(social networking sites/E-bank account) ආදියෙහි ඇතුලු වීමේ කේත ආදිය වෛරසය මෙහෙයවන පරිගණක වලට ලබාදීම ආදිය සිදු කරයි.

Worms :-

කිසිඳු මැදිහත් වීමකින් තොරව ස්වයන්ව පිටපත් වීමේ හැකියාවෙන් යුත් වැඩසටහන් WORMS නමින් හැඳින්වේ. කිසිඳු මැදිහත් වීමකින් තොරව ස්වයන්ව පිටපත් වීමේ හැකියාවෙන් යුත් වැඩසටහන් නමින් හැඳින්වේ. එකක් ලෙස පවතින මෙයට වෛරසයක පැවැත්ම සඳහා ආධාරක වැඩසටහනක් (Host Programme) අවශ්‍ය නොවේ. මෙම වෛරස ඉතා ඉක්මනින් පැතිර යන අතර එයින් සිදු වන හානිය ඉතා බරපතල විය හැක.

Dialer :-

යම් පරිගණකයක් මගින් යම් විශේෂිත දුරකතන අංකයක් කැරකවීමට යොමු කිරීම සිදු වේ. මේ නිසා අදාල පරිගණකයේ අයිතිකරුට අනවශ්‍ය ආකාරයේ දුරකතන බිලක් ගෙවීමට සිදු වේ.තවද අදාල දුරකතන මාර්ග සාමාන්‍ය ආකාරයට පත් කර ගැනීමට නොහැකි වීමත් මෙහිදී සිදු වන අනර්ථකාරී දේය. මෙසේ අංක ක‍රැකැවීම මොඩම භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන පරිගණක වලදී පමනක් සිදු කල හැකි කාර්‍යයකි.

Spam :- 

ආයාචිත තැපෑල, අන්වශ්‍ය ලිපි නොකඩවා තම E-mail ලිපිනයට ලැබීම මෙහිදී සිදුවේ. එම නිසා වැදගත් ලිපි මගහැරී යාමත්,අනවශ්‍ය ලිපි ‍තෝරා ඉවත් කිරීමට යම්කිසි කාලයක් වැය කිරීමට සිදු
  වීමත්,අනවශ්‍ය දේ වලින් පිරී යාම නිසා E-mail ගිනුම හැසිරවීමට අපහසු වීමද ආයාචිත තැපෑල නිසා සිදුවන ගැටලුවකි.

Adware :- 

මෙහිදී සිදු වන්නේ අන්ත්ර්ජාලය තුල සැරිසරන අවස්ථාවේදී තිරය මත නොකඩවා අනවශ්‍ය දැන්වීම් දර්ශණය වීමයි. මෙයින් විශේෂ හානියක් නොවුනද මානසික වශයෙන් ඇති වන විඩාව හානිකරය.මෙම දැන්වීම් මගින් තමන් බලපොරොත්තු නොවන් නිශ්පාදන වෙත සිත යොමු වීම මගින් අනවශ්‍ය දැන්වීම් වල විස්තර සෙවීමට යොමුවීම මගින් කාලය නාස්ති වීම මෙහි අන්ර්තකාරී දේ සඳහා පෙන්වා දිය හැක.

Hijacker :- 

ප්‍රධාන වශයෙන් පරිගණකයෙ ඇති දත්ත හා තොරතුරු කිසිඳු අනු දැනුමකින් තොරව හොරාගෙන වෙනත් පුද්ගලයෙකු හට ලබා දීම මෙහිදී සිදුවේ.මෙවන් ආකාර වෛරස වලට ප්‍රතිකර්ම ලෙස එම වෛරස වලට අදාල ප්‍රති වෛරස මෘදුකාංග භාවිතා කිරීම මගින් වෛරස මගින් සිදු වන හානිය මග හැර ගැනීමට හැක.

  •     BitDefender
  •     Norton
  •     McAfee
  •     Sophos
  •     Kaspersky
  •     Avast
  •     Avira
  •     Trend

වැනි ප්‍රති වෛරස මෘදුකාංග හොඳ තත්වයේ ප්‍රති වෛරස මෘදුකාංග ලෙස සැලකිය හැක. මීට අමතරව වෛරස් වර්ග බොහෝමයක් ඇත.


නිර්මාණය- ඉඳුනිල් හඳගම

පරිගණක වර්ගීකරණය෴

පරිගණක වර්ගීකරනය අනුව කොටස් කිහිපයකට බෙදිය හැක. එනම් පරම්පරා අනුව,ප්‍රමාණය අනුව,කාර්යය අනුව හා නිර්මාණ තාක්ෂණය අනුවයයි...


පරම්පරව අනුව :-

  • First Genaration = රික්තක නළ භාවිතා කරන ලදී.
  • Second Genaration = ට්‍රාන්සිස්ටර් භාවිතා කරන ලදී.
  • Third Genaration = භාවිත කර ඇත්තේ සමෝධානිත/අනුකලිත පරිපථය (Integerated Circuits/IC)
  • Fourth Geanaration = භාවිතා කරන ලද්දේ ක්ෂුද්‍ර පරිපථ නොහොත් Microprocessors ය
  • Fifth Geanaration = තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙහි අන්තර්ගතව ඇත්තේ කෘතිම බුද්ධියයි.

ප්‍රමාණය අනුව :-

  • සුපිරි පරිඝණක (Super Computer) = ප්‍රබල කාර්යක්ෂමතවයකින් හා හැකියාවන්ගෙන් පිරිපුන් මෙම පරිඝණක යොදා ගැනෙන්නේ ව්ශේෂිත  කාර්‍යන් සඳහාය.
  • මහා පරිඝණක (Mainframe Computers) = ප්‍රමාණය අතින් ඉතා විශාල පරිගණක වේ.
  • මධ්‍ය පරිගණක (Mini Computers) = මධ්‍යම තත්වයේ මෙනමින් හැඳින්වේ
  • ක්ෂුද්‍ර පරිගණක (Micro Computers) =  ප්‍රමාණයෙන් ඉතා කුඩා පරිගණක මෙනමින් හැඳින්වේ.

මෙහිදී ක්ෂුද්‍ර පරිගණක නැවතත්  කොටස් කිහිපයකට බෙදේ...

  • පුද්ගල පරිගණක (Personal Computers/PC) = තනි පුද්ගලයින්ට භාවිතා කල හැකි මෙම පරිගණක ඉතාමත් දියුනු තත්වයේ පවතී. Desktop පරිගණක ලෙසද මේවා හඳුන්වනු ලැබේ.
  • උකුළු පරිගණක (Laptop Computers) = මේවා එහා මෙහා ගෙන යා හැකි ලෙස සැකසූ පරිගණක මෙනමින් හැඳින්වේ. මේවා විවිධ නම් වලින් හඳුන්වයි. (Mini computers,portable computers)
  • අත්ල පරිගණක (Plamtop Computers) = අත්ලේ තබාගෙන වැඩ කල හැකි පරිගණක මෙනෙමින් හඳුන්වයි.මේවායේ පුද්ගල සහයක පරිගණක ලෙස හඳුන්වයි.
  • වැඩ නිකේතන පරිගණක (Workstation Computers) = වඩා වැඩි හැකියාවන්ගෙන් යුක්තවනිර්මානය කරන ලද "Desktop PC" හැඳින්වීම සඳහා "Workstation" යන නම භාවිතා කරයි. මෙම පරිගණක වඩාත් සංකීර්න වූ ත්‍රිමාන චිත්‍ර නිර්මාණය (3D Graphic Designing) සඳහා බහුලව භාවිතා කරයි.


කාර්යය අනුව :-

  • සාමාන්‍ය කටයුතු සඳහා  භාවිත කරනු ලබන පරිගණක (General Purpose Computers) = එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරනු ලබන පරිගණක මෙයට අයත් වේ.
  • විශේෂ කටයුතු සඳහා භාවිත කරනු ලබන පරිගණක (Special Purpose Computers) =  විශේෂිත වූ විද්‍යාත්මක පරීක්ෂණ,යුධ මෙහෙයුම්,තෙල් නිධි ගගවේෂණ වැනි  කටයුතු සඳහා භාවිත කරන ලද පරිගණක මෙම ඝණයට අයත් වේ.

නිර්මාණ තාක්ෂණය අනුව :-

  • අංකිත පරිගණක (Digital Computers) = ද්වීමය සංඛ්‍යා සංකල්පය භාවිතා කරනු ලබන පරිගණක මෙම ගණයට වැටේ.
  • ප්‍රතිසම පරිගණක (Analog Computers) = මෙම පරිගණක ක්‍රියාත්මක වීම සඳහා උෂ්ණත්වය,තෙරපුම,පීඩණය වැනි භෞතික දත්ත උපයෝගී කර ගැනේ.
  • මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක (Hybrid Computers) = ඉහත දක්වන ලද පරිගණක වර්ග දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙසින් මිශ්‍ර හෝ දෙමුහුම් පරිගණක හඳුන්වා දිය හැක.

නිර්මාණය- ඉඳුනිල් හඳගම

පරිඝණකයේ පරිණාමය ෴ (Part 2)

වර්ෂ1937 හා 1942 අතර කාලය තුලදී බල්ගේරියානු ජාතික මහාචාර්‍ය ජෝන් වින්සන්ට් විසින් ක්ලිෆර්ඩ්ගේද සහය අැතුව "ABC" (Atanasoff Berry Computer) නම් පරිඝණකයක්නිර්මාණය කෙරිනි. එනමුත් ඔහුට හැකි වූයේ ඉන් අඩක් නිර්මාණය කිරීමට පමණි.

ABC

පසුව 1946 දී පමණ පෙනිස්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරැ අංශය වූ මූර් පාසලේදී "ENIAC" (Electronic Numerical Integator And Computer) නමින් ලොව ප්‍රථම විද්‍යුත් සංක්‍යාංක පරිඝණකය නිර්මාණය කිරීමට හැකි විය. මෙය නිර්මාණය සඳහා රික්තක නළ "Vacuum Tube" යොදා ගත්හ. එය සඳහා රික්තක නළ 18,000 පමණ යොදා ගැනිනි.  ENIAC පරිඝණකයට තත්පරයක් තුල ගණිත කර්ම 5000ක් පමණ ඉටු කිරීමේ හැකියාව තිබිනි. 

ENIAC


  • ප්‍රමාණයෙන් විශාල වීම 
  • අධික තාපය නිසා රික්තක නල දැවී යාම 
  • අධික ලෙස විදුලි බලය වැය වීමමෙහි තිබූ ප්‍රධාන දුර්වලතා ලෙස සැලකිය හැක.


ඉන්පසු 1950 දී රෙමිංග්ටන් රැන්ඩ් අායතනය විසින් "UNIVAC-1" (Univarsal Automatic Calculator-1) පරිඝණකයක් නිපදවිනි.මෙයට තත්පරයක් තුල ගණනය කිරීම් 10,000ක්   පමණ කිරීමට හැකි විය.

UNIVAC 1


මීලඟට දෙවන පරම්පරාව අාරම්භ වන්නේ ට්‍රාන්සිස්ටර් සමගයි. විලියම් ෂොක්ලේ,ඡෝන් බාඩීන් හා වෝල්ටර් බ්‍රාටේන් හට ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමේ ගෞරවය හිමි වේ. මෙය   ප්‍රමාණයෙන් කුඩා බවත් අඩු විදුලියක්  වැය වීමත් මෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි. තත්පරයකදී ගණිත කර්ම 200,000-250,000 ත් අතර ප්‍රමාණයක් ඉටු කිරීමට හැකි විය.


Transistors


සමෝධානිත අනුකලිත පරිපථ( IC) භාවිතයෙන් පරිඝණකය ප්‍රමාණයෙන් කුඩා බවත් කාර්‍යක්ෂමතාවත් අත් කර ගැනීමට සමත් විය.  IC වල උපතත් සමග තෙවන පරම්පරාව ආරම්භ විය.   මෙම සමෝධානිත අනුකලිත පරිපථද ක්‍රමක්‍රමයෙන් දියුනුවට පත්වීමත් සමග අවසානයේදීඑක් IC එකක් අැතුලත ට්‍රාන්සිස්ටර්  වැඩි ප්‍රමාණයක් අැතුලත් කිරීමට සමත් විය.   ඒවා පිලිවෙලින්, 


IC


  • Small Scale Integration (SSI) 
  • Mediam Scale Integration (MSI) 
  • Large Scale Integration (LSI) 
  • Ultra Large Scale Integration (ULSI)  ලෙස හැඳින්විය හැක.


හතරවන පරර්ම්පරාවට අයත් වන්නේ ක්ෂුද්‍ර පරිපත (Microchips/Microprocessor) වේ.. මේවා සිලිකන් වලින් සාදා ඇත. මෙමගින් පරිඝණකයෙ වේග්ය තව දුරටත් නංවාලීමට හා    පරිඝණකයේ ප්‍රමානයද බොහෝ ලෙස අඩු කර ගැනීමට හැකි විය.

Microprocessor

මීලඟ පරම්පරාව වන පස්වන පරම්පරාවට අයත් වන්නේ කෘතිම  බුද්ධියයි. (Artifition interligion/A.I.) මීලඟ පරම්පරාව වන පස්වන පරම්පරාවට අයත් වන්නේ කෘතිම බුද්ධියයි. ලෙස   හඳුන්වයි මෙය තාමත් පර්යේෂන මට්ටමේ ඇත. මෙයට තරමක් දුරට සිතිය හැකි අතර දැනට කෘතිම බුද්ධිය යම්තාක් දුරට අඩංගු කර ඇති පරිඝණක ක්‍රීඩා එලි දක්වා ඇත. තවද ජංගම දුරකතන  වලද ඇතැම් දුරට කෘතිම බුද්ධිය ලෙස එලි දක්වා ඇති Programes ද ඇත.



නිර්මාණය-ඉඳුනිල් හඳගම